උඩ, යට මාරු කරලා අද පැය හත හමාරක් විදුලිය කපයි

අද (04) දිනයේ දීත් පැය හත හමාරක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ ඊයේ (03) පෙරවරුවේ විදුලි කප්පාදු කළ ප්රදේශවලට අද (04) පස්වරුවෙත්, ඊයේ (03) පස්වරුවේ විදුලි කප්පාදු කළ ප්රදේශවලට අද (04) පෙරවරුවේත් විදුලිය කප්පාදු කරන බවයි.

