තෙල් ලැබුණොත් විදුලිය කැපීම නතර වෙයි?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය 02 වැනිදා කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක් කරමින් පවසා සිටියේ එළැඹෙන 05 වැනිදා සිට විදුලි කප්පාදුව නිතර කිරීමට හැකිවනු ඇති බවයි.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කොමිෂම පවසන්නේ අද (05) දිනයේ සිට ඉන්ධන තොග නියමිත පරදි ලැබුණහොත් විදුලි කප්පාදුව අවම කිරීමට හෝ අත්හිටුවීමට හැකිවනු ඇති බවයි.

