සියලු සමාජ මාධ්‍ය වලට පුටින් අඟුළු දමයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එකක් නෑර සියලු තොරතුරු මේ වන තෙක් කිසිදු බාධාවකින් තොරව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
එහෙත් දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් සිය රට තුළ Facebook, Twitter සහ YouTube සමාජ මාධ්‍ය ජාල අවහිර කර තිබෙනවා.
පවතින යුද්ධය ආරම්භ වීමත් සමග හුවමාරු වන සාවද්‍ය තොරතුරු සඳහා ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඊට අමතරව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක්ද රුසියාවේ සිට වාර්තාකරණය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.
රුසියානු හමුදා සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් හුවමාරු කරන පුද්ගලයින්ට උපරිමයෙන් වසර 15 ක සිර දඬුවම් නියම කිරීමට හැකි නව නියෝගයකට අත්සන් තැබීමටද පුටින් ඊයේ පියවර ගත්තා.

