නිදහස් පක්ෂය ගියාට කමක් නෑ – විමල්, උදය තියා ගන්න ඕනේ

නිදහස් පක්ෂය ගියාට කමක් නෑ – විමල්, උදය තියා ගන්න ඕනේ

අමාත්‍යධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට කටයුතු කළයුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසා සිටිනවා.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් යළිත් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි.

තුනෙන් දෙකේ බලය කියලා කියන හැම දේකටම හිස නමා සිටීමේ හැකියාවක් නෑ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගියා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ.”

“නමුත් මම හිතනවා..මොන විදිහකට හරි මේ විමල් වීරවංශ මහතා සහ ගම්මන්පිල මහතා සමග නැවත සාකච්ඡාවකට අවතීර්ණ වෙලා ඒ අය රඳවගන්න කටයුතු කරන්න ඕනේ කියලා