හෙට සිට යළි පාසල් ඇරඹෙයි

හෙට සිට යළි පාසල් ඇරඹෙයි

හෙට (07) සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ වනවා.

පාසල් පවත්වාගෙන යාමේදී පන්ති කාමරයක ළමුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා.

පන්ති කාමරයක ළමුන් 20 ට වැඩි පාසල් කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.