රුසියාවේ සටන් විරාමය යුක්රේනය එපා කියයි

යුද්ධයට මැදි වී සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා රුසියාව විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාමය යුක්රේනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, සිවිල් වැසියන්ට රුසියාවට හෝ මොස්කව් අනුගාමික බෙලරූස් රාජ්‍යයට යාම එකම විකල්පය ලෙස ලබාදීම හේතුවෙන්.
කීව් අගනුවර, නැගෙනිහර යුක්රේනයේ කාර්කිව් සහ සුමි නගරවල මෙන්ම රුසියානු හමුදා වටලා සිටින දකුණුදිග මරියුපොල් නගරවල සිර වී සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා මානුෂවාදී වේදිකාවක් ලෙස මොස්කව් වේලාවෙන් අද පෙරවරු 10 සිට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ, මරියුපොල් නුවර මීට පෙර ප්‍රකාශයට පත් කළ සටන් විරාම දෙකක් බිද වැටීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, ආක්රමණිකයා වෙත තම රටේ සිවිල් වැසියන් යොමු කරන රුසියානු සටන් විරාමය යුක්රේනය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය කිසිලෙසකින් හෝ සදාචාරාත්මක නොවන බව පවසමින්.

