ඉන්ධන රැගත් තවත් නැවක් අද දිවයිනට

ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් අද (13) දින මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම අමාතංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ ඒ සඳහා වන ගෙවීම් තවමත් සිදුකර නොමැති බවයි.
එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000 ක් අන්තර්ගත වේ.
මේ වනවිට වරායේ පවතින ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,300 ක් සහිත නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද (13) සිදුකරන බව බ කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවා ය.
ඇය සඳහන් කළේ , නෞකාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඊයේ දිනයේ තෙල් ගොඩබෑම සිදුකිරීමට නොහැකි වූ බවයි.
ඒ සඳහා වන අමරිකානු ඩොලර් මිලියන 52 ක මුදල මේ වනවිට ගෙවා තිබේ.
ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම ඉන්ධන තොගය ලබා ගැනීමට අමතර ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවීමට සිදු විය.

