“මන්චි” රන් සම්මානයෙන් පිදුම් ලබයි

මන්චි, ශ්රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරුවා වශයෙන් 29 වැනි ජාතික අපනයන සම්මාන උළෙලේ (NCE Export Awards) දී සම්මානයට පාත්ර විය. ලොව සෑම මහාද්වීපයක් වෙතම තම නිෂ්පාදන අපනයනය පුළුල් කර ඇති මන්චි මෙරට විශාලතම බිස්කට් අපනයනකරු ලෙසද සැලකෙයි. ජාතික අපනයන මන්ත්රණ සභාව විසින් සංවිධානය කරනු ලබන NCE ජාතික අපනයන සම්මාන ප්රදානෝත්සවය ඉකුත්දා කොළඹදී පැවැත්විණ.
අපනයන කටයුතුවලදී විශිෂ්ටත්වය දක්වන ශ්රී ලාංකේය අපනයනකරුවන් ඇගයීමට හා සම්භාවනාවට ලක් කිරීමේ අරමුණින් NCE ජාතික අපනයන සම්මාන උළෙල සංවිධානය කෙරේ. මෙවර සම්මාන උළෙල නැඟිටිමු, යළි ගොඩනගමු සහ යළි හිමිකරගනිමු යන තේමාව පදනම් කොට ගෙන සංවිධානය කර තිබිණ.
මේ අතර විශාල පරිමාණ රසකැවිලි අපනයනකරුවන්ගේ අංශයේ විශිෂ්ටතම අපනයනකරුට පිරිනැමෙන රන් සම්මානය දිනා ගැනීමට ද මන්චි සමත් විය. මෙයට ඉහතදී මන්චි සන්නාමයේ මව් සමාගම වන ක්ඊඛ සමාගම ශ්රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවා ලෙස සම්මානයට ලක්ව තිබීමද විශේෂත්වයකි.


