ෆේස්බුක් සාදයක් වටලයි – 39ක් අත්අඩංගුවට

වෙන්නප්පුව පොලීසියට ලැබුණු තොරතුරක් මත වයික්කාල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 39ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් ,හෂිස් ගංජා සහ මත්පෙති මෙහිදී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

