බැංකුවලට දුන් නියෝගයක් ඉවත් කරගයි

බැංකුවලට දුන් නියෝගයක් ඉවත් කරගයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලිය සම්බන්ධයෙන් නියම කර තිබූ උපරිම සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.