IMF සහාය ශ්‍රී ලංකාවට

IMF සහාය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.

මෙරට ආර්ථිකය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නුදුරු දිනකදී අමරිකාවේ – වොෂින්ටන් ඩී.සී වෙත යෑමට නියමිත බවයි පසුගියදා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඊයේ (14) දිනයේ දී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං – රී, මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගර ලේකම් එස්.ආර්.ආටිගල හමුවී සාකච්ඡා කෙරුණු අතර, දැනට ලක් රජය මෑතකාලීන ව අත්පත් කරගත් ආර්ථික සාර්ථකත්වය ගැන ද කතාබහට ලක් කෙරුණා.

අද (15) දිනයේ දී මෙම ඉහළ පෙළේ නිලධාරියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.