ආණ්ඩුවට ගෙදර යන්න කියා සමගිය අද ජනපති ලේකම්කාර්යාලය වටලයි

සමගි ජන බලවේගය සංවිධාන කළ විරෝධතාවක් ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.
රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් විරෝධතාව සංවිධානකර තිබුණේ රට විනාසයි. දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ යන තේමාවෙන්.
ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ විරෝධතා පෙළපාලි පැමිණි අතර ඉන් එක් පෙළපාලියක් ආරම්භ වූයේ විහාර මහා දේවි උද්‍යානය අසලින්. එම පෙළපාලියට සජිත් ප්‍රේමදාස ද එක්වුණා.
අනෙක් පෙළපාලිය ආරම්භ වූයේ මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනය අසලින්. මේ හේතුවෙන් කොළඹ ඇතුළු අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇතිවුණා. විරෝධතා කරුවන් රථවාහන රියදුරන්ට අවහිර වන ලෙස ගමන් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

