සැමෝවා දේශයේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි

සැමෝවා දේශයේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි

පැසිෆික් දූපත් රාජ්‍යයක් වන සැමෝවා හි පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමඟ රට අඟුළු දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවනින් සහ මුහුදෙන් සිදුකෙරෙන සියලු ජාත්‍යන්තර සංචාර අත්හිටුවීමට සැමෝවා රජය හදිසි නියෝගයක් නිකුත්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ අගයක් ගත්ත ද ජර්මනිය කොවිඩ් සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ප්‍රාන්ත 16 බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම සීමාවන් ලිහිල්කර තිබෙනවා.