ඉන්දියාවෙන් ගෙන්වූ භාණ්ඩ මුදාගැනීමට පියවර

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මුදාගැනීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලැබී ඇති බැවින් අවශ්‍ය මුදල් ඉදිරියේදී ගෙවීමේ පදනම මත අදාළ භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.
එමෙන්ම වරාය තුල සිරව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහලුම් 2000 ක් පමණ මුදා හැරීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට මුදල් අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශය තමන්ට දැනුම් දී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

