ඉදිරි වසර 3 තුළත් වත්මන් රජයම රට පාලනය කරනවා

ඉදිරි වසර 3 තුළත් වත්මන් රජයම රට පාලනය කරනවා

ඉදිරි වසර තුන තුළත් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්වීම අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත්, එම කාලය තුල රටේ ජනතාවට පොරොන්දු වු දේ ඉටු කිරිමට නොහැකි වුවත් ඉදිරි වසර තුනක කාලයේදී එම පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් මෙම රජය පිලිබදව කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නොමැති බවයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

COMMENTS