බැසිල් – රනිල් මත ගැටුමක් – රනිල් IMF වාර්තාව ඉල්ලයි

බැසිල් – රනිල් මත ගැටුමක් – රනිල් IMF වාර්තාව ඉල්ලයි

IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී කළ විමසීමකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ මත ගැටුමක් හට ගත්තා.

“රජයෙන් කිසිම විනිවිදභාවයක් හෝ කැපවීමක් අද වන තුරු අප දැකල නැහැ. අදාළ දත්ත අපට ලබා ගැනීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. ඇත්තවශයෙන්ම මේක අපිට පොරොන්දු වුණා කිහිප අවස්ථාවකදී”. මම හිතන්නේ මේ සමහර පක්ෂ මෙතනට නොපැමිණියේ මේ හේතුව නිසා …..

එයට පිළිතුරු දැක්වූ මුදල් ඇමති

මුදල් ඇමති සහ රනිල් වික්‍රමසිංහ අතර සිදිවුන සංවාදය මෙලෙසින්

බැසිල් රාජපක්ෂ – සමාවෙන්න, IMF වාර්තාව අපිට තාම සම්පූර්ණයෙන් ඇවිත් නෑ.

රනිල් වික්‍රමසිංහ – එයාල කියල තියනවා එව්වා කියල

බැසිල් රාජපක්ෂ – නෑ, නෑ අපිට ඇවිල්ල නෑ

රනිල් වික්‍රමසිංහ – එහෙනම් අපි අහමු එතන එතන මේ. මම හිතන්නේ ජනාධිපතිතුමා දැන් හරි එතන කිව්වොත් අපිට මේක කතා කරලා විසඳගන්න පුළුවන්. නියෝජිතයාට එන්න කිව්වොත් … එක නැත්තන් මම පිළිගන්නවා.

බැසිල් රාජපක්ෂ – මම වගකීමකින් කියනවා අපිට තම වතාව ඇවිල්ල නෑ

රනිල් වික්‍රමසිංහ – එයා එවල නැත්තන් අපි කියමු එවන්න කියල

බැසිල් රාජපක්ෂ – නෑ ඉතින් අපි එක යවල තියනවා.අපිට DRAFT එක එවල තියනවා.DRAFT එක අපි අපේ අදහස් එක්ක මහ බැංකුවට යවලා තියෙන්නේ

රනිල් වික්‍රමසිංහ – ආ..DRAFT එක ආවා. DRAFT එක එවල තියනවා.

බැසිල් රාජපක්ෂ – DRAFT එකනේ එවන්නේ මුලින් . ඊට පස්සේ එකේ රිපෝර්ට් එක ෆයිනසයිස් කරලා බෝඩ් එකට දාල ඊ කට්ටිය එවයි

රනිල් වික්‍රමසිංහ – ඔබතුමා පිලිගන්නවා DRAFT එක ආවා කියල .. මෙතෙක් කල් කිව්වේ ආවේ නෑ කියල .

බැසිල් රාජපක්ෂ – DRAFT එකක් මුලින් ඉතින් අපි එක්ක සාකච්ඡා කරන DRAFT එක. ඔබතුමා දන්නවනේ මට වැඩිය හොඳට

රනිල් වික්‍රමසිංහ – කමක් නෑ .DRAFT එකක් ආව නම් අපිට දෙන දවසක් …

බැසිල් රාජපක්ෂ – දැන් DRAFT එකද ඕනේ ඔයාට ?

රනිල් වික්‍රමසිංහ – මට කමක් නෑ දෙනවා නම් ඒක පාර්ලිමේන්තුවට දෙන්න

බැසිල් රාජපක්ෂ – DRAFT එක දෙන්න බෑ .