ආණ්ඩුවේ බහුතරය නැති කරන හැටි ගම්මන්පිල කියයි

වත්මන් ආණ්ඩුවේ බහුතරය ඉතා පහසුවෙන් අහිමි කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
“ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අරන් තියෙන උපරිම ගණන 156යි. ඒකෙන් දැන් ඇමතිවරු 3දෙනෙක් නැහැ. එතකොට 153යි. පක්ෂ 11 තුළ මන්ත්‍රීවරු 30ක් ඉන්නවා. ඒකත් අඩු කළාම 123යි. පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙන්න 112ක් වෙන්න ඕනේ. 123යි 112යි අතර පරතරය 11යි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 11කට වඩා දැනටමත් අපිට සහයෝගය පළ කරලා තියෙනවා. නිසි කලට නිසිලෙස අපි අපේ බලය පෙන්වනවා. එක්කෝ වසර අග එන අයවැය පරාජය කරන්න ඕනේ. තැත්තම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඕනේ. ඉවසීමෙන් බලන් ඉන්න…”

