ඇමෙරිකා, තලෙයිබාන් සාකච්ඡා අවලංගුයි

ඇමෙරිකා, තලෙයිබාන් සාකච්ඡා අවලංගුයි

ඇෆ්ගනිස්ථානයේ බාලිකා පාසල් වසා දැමීමට ගත් තීරණයත් සමග ඇමෙරිකාව දෝහාහි දී තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශිකා ජලීනා පෝටර් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමට සමග ඔවුන් ජාත්‍යන්තර පිලිගැනීම අපේක්ෂාවෙන් පසුවනවා.

කෙසේ වෙතත්, එවන් පසුබිමක් තුල තලෙයිබාන් සංවිධානය අදාළ බාලිකා පාසල් වසා දැමීමට ගත් තීරණය ආපසු හැරවීමට ක්‍රියා නොකළහොත් තලෙයිබාන් සංවිධානයේ එම අපේක්ෂාවන්ට සහ එරට ආර්ථික වර්ධනයට ද අහිතකර ප්‍රතිඵල අත්කර දෙනු ඇති බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශිකා ජලීනා පෝටර් සඳහන් කර ඇත්තේ.

https://bit.ly/3JMnoMi