ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල තවදුරටත් ඉහළට

රුසියා යුක්රේන ගැටුම සහ පවතින බලශක්ති අර්බුදය ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් ලෝක වෙළෙදපොලේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 1,958 ක් ලෙසින්. පසුගිය සති අන්තයේ දී රත්‍රං මිලෙහි සුලු අඩුවීමක් දක්නට ලැබුණ ද ගතවූ දින 30 ක කාලය තුළ රත්‍රං මිල සියයට තුනකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකා ඩොලර් 56 කින්. වසරක් තුළ එහි වැඩිවීම සියයට 13.3 ක් වන අතර එනම් එය ඇමෙරිකා ඩොලර් 230 ක වැඩිවීමක්.