අද පැය 7කට අධික කාලයක් විදුලිය නෑ

අද පැය 7කට අධික කාලයක් විදුලිය නෑ

අද(29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව ABCDEFGHIJKL කලාප සඳහා පෙරවරු 8:00 සිට පස්වරු 6:00 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලි කප්පාදු කිරීමට සහ පස්වරු 6:00 සිට රාත්‍රී 11:00 අතර කාලය තුළ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

එමෙන්ම PQRSTUVW කලාප සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 6:30 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සහ පස්වරු 6:30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.