බුද්ධි අංශ ’’ෆේල්’’ – දිලුම් අමුණුගම

බුද්ධි අංශ ’’ෆේල්’’ – දිලුම් අමුණුගම

ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (01) පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් පොලු මුගුරු රැගෙන ප්‍රචන්ඩකාරීව හැසිරෙන බවට දැනුම්දීමක් කර නැතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අනුව මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී බුද්ධි අංශ අසමත්ව ඇති හෙයින් එම අංශයන්හි ප්‍රසංස්කරණයක් ද සිදුවිය යුතු බව ද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී සිදුවූයේ මෙහි අනෙක් පැත්ත බවත්, බුද්ධී අංශ තොරතුරු ලබාදී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම එහිදී සිදුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.