පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරු 40ක් ස්වාධීන වෙයි

පාර්ලිමේන්තුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රීලනිප සහ රජයට සම්බන්ධ පක්ෂ ඇතුළු මන්ත්රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප්රකාශ කර තිබෙනවා.
මේ අතර අද දිනයේ දී ජීවන් තොණ්ඩමන් හා සෙන්දිල් තොණ්ඩමන්ට අයත් පක්ෂ ද පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට යි තීරණය කර තිබුණේ.
එසේ ම, තවත් මන්ත්රීවරුන් පිරිසක් ස්වාධීන ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා ද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
තවත් මන්ත්රීවරුන් 16 දෙනෙකු ස්වාධීනව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ සඳහන් කළා.

