“8 පාස් කට්ටිය මේ ගොල්ලෝ” – යතුරු පැදි සිද්ධිය ගැන ෆොන්සේකා කතා කරයි

“8 පාස් කට්ටිය මේ ගොල්ලෝ” – යතුරු පැදි සිද්ධිය ගැන ෆොන්සේකා කතා කරයි

“8 පාස් කට්ටිය මේ ගොල්ලෝ , මෙයාලා කලබල වෙලා නොයෙක් දේවල් වෙන්න පුළුවන් “. යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඊයේ (05) පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාව අතරතුර හමුදා නිලධාරීන් යතුරුපැදි වලින් පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, එම විරෝධතාවය පැවති ස්ථානයට අවි ආයුධ සහිත හමුදා සෙබළුන් පැමිණීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

එමෙන්ම නිල ඇඳුමින් යුද හමුදා සෙබළෙකුට පොලිස් නිලධාරීන් පහර දීම ද තරයේ හෙලා දකින බව ඒ මහතා කියා සිටියා,

මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටියේ.