මහින්දව මරන්න කොටි කත ගේන්න සහයෝගය දුන්නේ කවුද? – විජිත හේරත්

මහින්දව මරන්න කොටි කත ගේන්න සහයෝගය දුන්නේ කවුද? – විජිත හේරත්

එදා මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී කාන්තාවක් රැගෙන එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මරන්න ගියේ කවුද? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රශ්න කර සිටිනවා.

ඒ මහතා මේ අදහස් පලකළේ, මේ රට ලේ විලක් කරන්න එපා යනුවෙන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීමත් සමගයි

විජිත හේරත් දැක්වූ අදහස්

” මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි කරවන්න මැදිහත් වුනු දේශපාලන පක්ෂය අපි. එතකොට 88.89 කතා මුකුත් නෑ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව මරන්න, මරාගෙන මැරෙන බෝම්බකාරියක් , කොළඹට ගේන්න අනුබල දීලා නායකත්වය දීපු පුද්ගලයා දැන් කියනවා මං ප්‍රචණ්ඩ නෑ කියල.අපි ඒවාට විරුද්ධව තමයි එතුමාව රැක්කේ.යනුවෙන් වැඩි දුරටත් කියා සිටියා