අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක්

අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක්

නිර්වින්දන ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිකයෝ පවසති.

ඉදිරි සතිය තුළදී රෝගීන්ට අවශ්‍ය අත්‍යාවශය ‍ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවන බවත් මේ වනවිටත් රජයේ රොහල් රැසක හෘද සහ දියවැඩියා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ හිඟයක් පවතින බවත් ඔවූහු පවසති.

එමෙන්ම වෙනත් අත්‍යාවශ්‍ය හදිසි ඖෂදවල දැඩි හිඟයක් පවතින බවත් විශේෂයෙන් ශල්‍යකර්ම සඳහා භාවිතා කරන ගෝස් හා ඖෂදවල දැඩි හිඟයක් පවතින බවත් මේ හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ සාමාන්‍ය සැත්කම් අද (07) සම්පූර්නයෙන් නතර කරන බවත් එම රෝහලේ වෛද්‍යවරු පවසති.

මේ අතර රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉදිරි සති දෙක රට තුළ සෞඛ්‍ය හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කරන බවයි.

මේ වනවිට මෙරට රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක් පමණ හිඟව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ තවත් ඖෂධ වර්ග 60 ක තොග ප්‍රමාණවත් වන්නේ සතියත් – මාසයක් අතර කාලයකට බවයි.

පවතින ඖෂධ හිඟය පිළිබඳව අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය.