ලංකාවට එන ඇමරිකානු ජාතිකයින්ට රතු එළියක්

ලංකාවට එන ඇමරිකානු ජාතිකයින්ට රතු එළියක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 3වන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රට තුළ තැන තැන පැවැත්වෙන සිවිල් විරෝධතා, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානයෙන් සිටින ලෙස හා එම ස්ථාන හැකි තරම් මඟහරින ලෙසට යි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී ඇති බවය.