අන්තර්වාර ආණ්ඩුවේ නායකත්වයට පාඨලී සුදානම්

අන්තර්වාර ආණ්ඩුවක් හදනවානම් එම අන්තර්වාර කණ්ඩායම කැමතිනම් පාඨලී චම්පික රණවක ඒකට සම්බන්ධ වෙනවා විතරක් නෙවෙයි ඒකට නායකත්වය දෙන්නත් සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ 43 සේනාංකය විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩි දුරටත් දැක්වූ අදහස්,
රට මේ තියෙන වෙලාවේ හැටියට ජනාධිපතිවරණයක් තියන්නත් බැහැ, මහ මැතිවරණයක් තියන්නත් බැහැ, පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරු වන්නත් බැහැ, ඒ වගේම පාර්ලිමේන්තුව ස්වයංව විසිරුවා ගත්තත් අද ඡන්දයක් තියන්න බැහැ කියලා මැතිවරණ දෙපාර්තමේන්තුව කියනවා.
විපක්ෂ නායකතුමා මොකක්ද කිව්වේ මම ඡන්දයක් තියලා ජනවරමක් අරන් මේක කරනවා කියලා කිව්වා. ඔය වගේ කතාවක් අන්දරෙත් කිව්වා. කළු ගල උස්සලා කරෙන් තියන්න ඊට පස්සේ මම කරන්නම් වැඩේ කියලා.
වහාම අන්තර්වාර ආණ්ඩුවකට ආරාධනා කරන්න, එතකොට එන්න ඉන්න අය එයි
ප්රශ්නය:- ඔබේ නායකයා පාඨලී චම්පික රණවක මැතිතුමා සූදානම් ද මේ වගකීම භාරගන්න
පිළිතුර :- පාඨලී චම්පික රණවක පක්ෂයක නායකයෙක් නෙවෙයි හැබැයි එතුමා ජාතික නායකයෙක් .මේ මුදා ගැනීමේ මෙහෙයුමක් කරන්න වෙලා තියෙන්නේ.ඒ හදන අන්තර්වාර කණ්ඩායම කැමතිනම් පාඨලී චම්පික රණවක ඒකට සම්බන්ධ වෙනවා විතරක් නෙවෙයි ඒකට නායකත්වය දෙන්නත් සූදානම්. නියම දේශපාලඥයන්, නියම පෞරුෂයක් තියෙන මිනිසුන්ගේ වගකීම තමයි මේ වැඩේ අතට ගන්න එක චම්පික රණවක මැතිතුමා ඒ වැඩේ අතට ගන්න සූදානම්. යනුවෙන් පැවසීය.

