අද ගාලු මුවදොරදී දැවැන්ත මහජන විරෝධතාවයක්

අද ගාලු මුවදොරදී දැවැන්ත මහජන විරෝධතාවයක්

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ සහභාගී වනු ඇති බවත්, විරෝධතාව ජයග්‍රහණයකින් අවසන් වන තෙක් මහජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවනු ඇති බවත්, සමාජ මාධ්‍ය හරහා එහි සංවිධායකයින් සඳහන් කරනවා.