මනුෂ්‍යත්වයේ අරගලය ගාලුමුවදොරදී දෙවන දිනටත්

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.
ඇදහැලුණු වර්ෂාවද නොතකා ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට විරෝධතාකරුවන් මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටී.
ගාලුමුවදොර පිටිය අසලින් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ මහජන උද්ඝෝෂණයට ඊයේ පස්වරුව වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක ආගමික නායකයින්, සිවිල් සංවිධාන ඇතුළු ජනතාව එක්රැස්ව සිටියේය.
“නිර්පාක්ෂික ජනතා අරගලය” යනුවෙන් නම් කර තිබූ එම මහජන උද්ඝෝෂණයට එක් වූ පිරිස් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම අසලට රැස්ව සිය විරෝධතාවය පළ කළේය.
උද්ඝෝෂණයට එක්ව සිටි මුස්ලිම් ප්‍රජාව ඊයේ පස්වරුවේ මාර්ගයේදීම සිය ආගමික චාරිත්‍ර ඉටුකළේය.
මධ්‍යම රාත්‍රිය දක්වාම එහි රැඳී සිටි පිරිස අද උදෑසන වනතුරුම එම ස්ථානයේ රැය පහන් කළේය.
එමෙන්ම උද්ඝෝෂකයින් මාර්ගයේ එක්රැස්ව තිබූ කසල ස්වේච්ඡාවෙන්ම ඉවත් කිරීමට කටයුතු කිරීමත් විශේෂත්වයකි.
ඇදහැලුණු වර්ෂාවද නොතකා එම මහජන උද්ඝෝෂණය අද දෙවන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ක්‍රියාත්මක වේ.
මෙම අරගලයේ අපට දැක ගන්න ලැබුණු විශේෂත්වය වන්නේ එකී නෙකාට උදව් කර ගනිමින් මෙම අරගලයේ නියැලීමයි.







