ඥානක්කාගේ නිවසට, හෝටලයට තවදුරටත් ආරක්ෂාව

අනුරාධපුරයේ ඥානක්කා නැමැති කාන්තාවගේ නිවසට සහ ඇගේ හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පෙරේදා (09 වැනිදා) අනුරාධපුර නගරයේදී උද්ඝෝණයක් පැවැති අතර, මේ නිසා ඥානක්කාගේ නිවසට සහ හෝටලයට පොලිස් ආරක්ෂාව යෙදවූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

