නන්දා මාලිනියත් ජන අරගලය මැද

නන්දා මාලිනියත් ජන අරගලය මැද

ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධතාවට සහාය පළ කිරීම සඳහා, මේ දින කිහිපයේ ම විවිධ පාර්ශවයන් විසින් තම දායක්තවය සපයන ආකාරය දැකගත හැකි යි.

කලාකරුවන් ද විවිධ අවස්ථාවල දී තම නොමසුරු දායකත්වය තරණ තරුණියන් වෙනුවෙන් ලබා දුන්නා.

මේ අතර, අද (12) උදෑසන ගාලු මුවදොර පිටියට අතිවිශේෂ කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වූ බව වාර්තා වනවා.

ක්‍රම විරෝධී සිංහල ගීතයේ සලකුණක් සනිටුහන් කළ හෙළයේ ගායිකාව නන්දා මාලිනියත් ඇයගේ ගීතාවලිය අකුරු කළ සුනිල් ආරියරත්නයනුත් මීට එකතු වූ බව යි වාර්තා වෙන්නේ.

එසේ ම, ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි හා සුභාවිත ගීතයට සිය පෑනෙන් බරපතළ ගණයේ දායකත්වයක් සැපයූ බුද්ධදාස ගලප්පත්තිද මෙම අවස්ථාවට එකතු වී සිටියා.