ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද (12) පැවැති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

විරෝධතාවය අතරතුර පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කාර්යාලයෙන් පිටතට පැමිණීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කටයුතු කරනු ලැබීය.