දවසින් දවස බල ගැන්වෙන නොනවතින ගාලුමුවදොර අරගලය

දවසින් දවස බල ගැන්වෙන නොනවතින ගාලුමුවදොර අරගලය

දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව ජනාධිපති කාර්යාලය අසල පවත්වන විරෝධතාවයේ 5 වන දිනය අදයි.
මෙම පිරිස ඊයේ රාත්‍රියේත් රැය පහන් කළේ, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේදීයි.

විරෝධතා භුමියේ රැදි සිටි පුද්ගලයෙකු රෝගිවීම හේතුවෙන් අද පෙරවරුවේ රෝහල්ගත කිරීමට පියවර ගැනිණ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනෙකු විරෝධතාකරුවන්ට ආහාර පාන ,ඖෂධ, සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් අද දිනයේත් සහය දක්වන අයුරු දැකගත හැකිවිය.

මේ අතර එරට සිටින ශ්‍රී ලාංකිකයින් ද පසුගිය සති කිහිපය පුරා ලොව විවිධ ස්ථානවල සිට විරෝධතා පවත්වමින් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට වහා ඉවත් වන ලෙසයි.

පසුගිය දිනෙක නෙදර්ලන්තයේ හේග් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණ.

මේ අතර නෝර්වේ රාජ්‍යෙය් වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඔස්ලෝ නුවරදී විරෝධතාවක් සංවිධානය කර තිබිණ.