අරගලයට අධිකරණයෙන් වාරණ නියෝගයක් ?

ජනාධිපති කාර්යාල ප්රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
කොටුව පොලීසිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ.
මෙම වාරණ නියෝග ඉල්ලීම හරහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීමට ඉවත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි නීති ක්ෂේත්රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ

