දැන් ලැබුණු පුවතක් – මහනුවර දිගන ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක්

දැන් ලැබුණු පුවතක් – මහනුවර දිගන ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක්

මහනුවර දිගන ප්‍රදේශයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාව මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින බව අපට වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ සිටින අපගේ “My newslanka” වාර්තාකරු සඳහන් කළේ මහනුවර ප්‍රදේශයට ඇතුළුවන සියළු මාර්ග අවහිර කරමින් ජනතාව විරොධතාවයේ නියැළෙන බවයි.

මාර්ග අවහිර වීම නිසා එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තද බදයක්ද හටගෙන තිබෙන බව වාර්තාකරු සඳහන් කර සිටියා.