රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ මෙම පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන අයවලුන් මහජන සාමයට බාධා කරන්නන් ලෙස සලකා ක්‍රියාකරන බවයි.

එමෙන්ම ප්‍රදේශයේ නිවසියන් හට නිවෙස් තුළට ම වී සිටින ලෙසටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඉල්ලා සිටිනවා.

මෙම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථවාහන සහ මහජනයා හට විකල්ප මාර්ග තෝරා ගන්නා ලෙසටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.