මම මැරුනෙ නෑ යකෝ

රඹුක්කන ඇති වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය වැරදි විස්තර කිහිපයක් පිළිබඳව නිවැරදි කිරීමේ දැනුවත් කිරීම් මේ වන විට සමාජ මාධ්‍යය තුලම හුවමාරුවෙමින් පවතී.
ඒ රඹුක්කන පොලීසියේ OIC ලෙස හුවමාරු වන පින්තූරය ගැන හා පොලිස් වෙඩි පහරින් මිය ගියා යැයි වරදවා ප්‍රචාරය කල තරුණයන් දෙදෙනකු පිළිබඳවත් ය.
රටම අර්බුදයකට පත්ව තිබෙන මොහොතක තවත් කිහිප දෙනෙකුට එය විහිළුවක් වීම කණගාටුවට කරුණකි.
අපි වැදගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඔබගෙන් ඉල්ලා සිටින්නේ රටම අර්බුදයකට පත්ව සිටින මොහොතක රටේ සියලු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන ලෙසයි. එය ඔබේ වගකීමක්, නොයෙක් ලාබ ප්‍රයෝජන තකා නොයෙකුත් පුද්ගලයින් අපහසුතාවයට පත් කිරීම අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
නිවැරදි හා තහවුරු කරගත් තොරතුරු පමණක් හුවමාරු කරගන්න. තොරතුරක් ලැබුණු පමණින් එය share කිරීමෙන් වලකින්න. සෑම විටම ලැබෙන තොරතුරු තහවුරු කරගත්, සත්‍ය තොරතුරු බවට නිශ්චිත කරගන්න.
අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ගැන සොයා බලා ඒවා හුවමාරු කර ගැනීමෙන් වැළකෙන්න. එය ඔබේ වගකීමක් ලෙස සිතන්න. නිවැරදි, සත්‍ය හා තහවුරු කරගත් තොරතුරු පමණක් ඔබට ගෙන ඒමට “MyNewsLanka” මාධ්‍ය ජාලය බැඳී සිටින බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
රඹුක්කන පොලීසියේ OIC ලෙස හුවමාරු වන පින්තූරය සහ පොලිස් වෙඩි පහරින් මිය ගියා යැයි වරදවා ප්‍රචාරය කල තරුණයන් දෙදෙනාගේ ඡායාරූප සහ පසුව එය නිවැරදි කර තිබු අයුරු පහතින් බලන්න,







