රුසියානු යුද නෞකාව කළු මුහුදේ ගිල්වයි – ඉලක්කය දුන්නේ ඇමෙරිකානු නිරීක්ෂන යානාවකින්

කළු මුහුදේ තිබූ රුසියානු මොස්කාවා යුද්ධ නැව වැනසීම සඳහා නිසි ඉලක්කය ලබාදී ඇත්තේ ඇමෙරිකානු පී 8 පොසිඩන් නිරීක්ෂණ යානාවක් බව සනාථ වී ඇත.
ප්රහාරය එල්ල වීමට මොහොතකට පෙර එම යානාව ඉතාලියේ සිට කළු මුහුද අසල අහස් කලාපයට පැමිණ තිබේ.
මෙම යානාවේ ඇති නිරීක්ෂණ පද්ධතියට සැතපුම් 100ක් ඈතින් එන නැව් සහ ගුවන් යානා විමර්ශනය කළ හැක.
මේ අතර යුක්රේන මිසයිල ප්රහාරයකින් විනාශ වූ රුසියානු මොස්කාවා නැමැති යද නැවේ සිටි 504 කගෙන් යුත් භට පිරිසකට සිදු වූයේ කුමක්දැයි රුසියාව හෙළි කර නැත. එම නැවේ සිටි නාවිකයන්ගේ මවුවරු මේ ගැන රුසියානු බලධාරින්ගෙන් තොරතුරු විමසා ඇතත් ඊට ප්රතිචාර දක්වා නැත.
මෙම නැවේ ආයුධ ගබඩාව පිපිරීම නිසා ගිනි ඇවිළී ඇති බව රුසියාව ප්රකාශ කර ඇත. මේ අතර රුසියානු හමුදාව බංකර් බෝම්බ භාවිත කරන බව හෙළි වී තිබේ. යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසූවේ රුසියාව යුද්ධයේ දෙවැනි ක්රියාමාර්ගවලට යොමු වී ඇති බවයි. මේ අතර රුසියාව වැග්නර් නැමැති කුලී හේවා කණ්ඩායමක් ද යුක්රේන යුද්ධයට කැඳවා තිබේ. එම කුලී සොල්දාදුවන් 1000ක් යුක්රේනයේ සිටින බව හෙළි වී ඇත.

