ඉතිහාසයේ පළමු වරට සබන් මිලත් අහස උසට

මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, වෙළඳපොළේ
සන්ලයිට් සබන් කැටයක් රු. 135/-
බේබි සබන් කැටයක් 175/-
ලයිෆ්බෝයි සබන් කැටයක් 145/-
යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති.
කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙළෙඳපොළේ රු. 2300 – 2350 මිලකට අලෙවි කෙරෙන අතර, නව සිමෙන්ති මිල රු. 500 – 600කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති. සිමෙන්ති මිල ඉහළ යෑමත් සමග ඉල්ලුම අඩු වී ඇති බවත්, අලුතින් ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙළෙඳසැල්වල රැස් නොකරන බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති.

