ගෝල්ෆේස් අවට ආරක්ෂාව තර කරයි

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව වාර්තා වෙනවා.
එම ප්රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත ප්රදේශය සම්පූර්ණයෙන්ම වාහන ධාවනයට අවහිර කර ඇති බව එහි සිටින අපේ “My newslanka” වාර්තාකරු සඳහන් කළා.
මේ වනවිට ගලදාරී හෝටලය ආසන්නයේ මාර්ගය පොලීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.





