ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ලිපියට ජනපතිගෙන් රහසිගත පිළිතුරු ලිපියක්

ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ලිපියට ජනපතිගෙන් රහසිගත පිළිතුරු ලිපියක්

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.

ඊට අදාළ ලිපිය බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත.

අදාළ ලිපියේ අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැති අතර පසුගිය අප්‍රේල් මස 04 වැනි දින ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධව ගනු ලැබූ තීරණයට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණි.

අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වහාම විසුරුවන්න ලෙසත් ජනතා හඬට කන් දෙන ලෙසත් එම ලිපිය මගින් උන්වහන්සේලා වැඩිදුරටත් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබිණි.