ට්විටර් සමාගම මිලදී ගත් බිලියනපතියා

බිලියනපතියෙකු වන එලොන් මස්ක් ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගැනීමට සූදානම් වනවා.
මුල දී මොහුගේ ලංසුවට ට්විටර් මණ්ඩලය අකමැත්ත ප්රකාශ කළ ද මේ වනවිට එම ගණුදෙනුව අනුමත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක්ගේ වත්කම්වල ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 273.6ක්.

