සමගියත් සමඟ කොළඹට ඇදෙන කපුටා

එක්සත් ජනතා බලය සංවිධානය කරන විමුක්ති විප්ලව පාගමන අද මහනුවරදී ආරම්භ වුණා.
එම පෙරමුණේ ප්රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්රකාශ කර ඇත්තේ එම පෙළපාලිය පළමු දිනයේදීම කොළඹට ළඟා වන බවයි.
එමෙන්ම පා ගමනට සහභාගි වූ පිරිස් විශාලව කැටයම් කළ කපුටෙකුගේ පිළිරුවක් ද රැගෙන කොළඹ දෙසට ගමන් කරමින් සිටිනවා.
ගාලු මුවදොර , ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිර්පාක්ෂික ජන අරගලය අඛණ්ඩව ක්රියාත්මකයි.
ජන අරගලයට සහය වීම සඳහා ජනතාව එකතු වී සිටින්නේ, පක්ෂ පාට , ආගම්භේද නොතකමිනි.
රටේ වත්මන් ගැටලු විසඳන්න නිසි කලට නිසි තීරණ නොගත් ජනපති, අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලය ඉවත් වන්නැයි, බල කරමින් ජනාධිපති කාර්යාලය අසල ක්රියාත්මක නිර්පාක්ෂික අරගලයට අදට දින 18 කි.
ඊයේ රාත්රියේත් අරගල භූමියේ විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ.
මේ වන විටත් දිවයිනේ නන් දෙසින් පැමිණෙන නිර්පාක්ෂික ජනතා සහය අඛණ්ඩව අරගලයට ලැබෙමින් පවතී.






