ආණ්ඩුව ගෙදර යවන අරගලයට බෙල්ජියමත් එක්වෙයි

ආණ්ඩුව ගෙදර යවන අරගලයට බෙල්ජියමත් එක්වෙයි

වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.

වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.

ඒ අනුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී එරට පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් උද්ඝෝෂණයක්
පවත්වා තිබෙනවා.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පැය කිහිපයක කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ බවයි එරට සිටන “My newslanka” අප වාර්තාකරු ප්‍රසන්න සඳහන් කළේ.