වැටුප් ගෙවීම අර්බුදයක – අතිකාල දීමනාව වැටුපට වැඩිය වැඩිවෙන්න බැහැ

සත්‍ය වශයෙන්ම සේවයේ නිරතවී සිටින බව සහ පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල අතිකාල දීමනා ගෙවීම් විශේෂ තහවුරු කර ගැනීමක් සිදුකරගනු ඇත.
එමෙන්ම විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවන් හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ද තීරණය කර ඇත.
රජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (27) දින නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයේ මේ බව සඳහන් වේ.
එමෙන්ම භාණ්ඩ හා සේවා මිලගණන් ඉහළ යාමත් සමඟ සිය අමාත්‍යංශයේ වෙන්කර තිබූ මුදල් ප්‍රමාණයන් අවසන් වීම හමුවේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා,
එතුමා විදුරටත් දැක්වූ අදහස්,
රුපියල් 50,000ක වැ ටුපක් ගත්ත කෙනාගේ වැඩිවීමක් සිද්ධවුණේ නෑ . එතකොට බඩුමිල වැඩිවෙලා තියෙනවා සියයට 70ක පමණ ප්‍රමාණයකින්. එතකොට ඒ මනුස්සයා ජීවත්වෙන්න බරපතළ අරගලයක සිටිනවා . අනිත් පැත්තෙන් උපදෙස් ලැබිලා තියෙනවා අතිකාල දීමනා පුළුවන් තරම් අඩුකරන්න කියලා නමුත් මම සෞඛ්‍ය ලේකම්වරයාටත් අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් දැනුම්දුන්නා. මේ මොහොතේ එහෙම එකකට යන්නේ නැතුව පුළුවන් තරම් පවත්වා ගෙන ආපු ක්‍රමවේදයම ඉදිරි මාස කිහිපය කරගෙන යමු මොකද අර වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වෙනවා මෙච්චර ගනන් වැඩිවෙලා තියෙද්දී අපි OT ත් කැපුවොත් එහෙම මේ මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇලෝකේෂන් එකක් තියෙනවා සාමන්‍ය යෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන සීමාවක් තියෙනවා වියදම් කරන්න සෞඛ්‍ය අමාත්‍යංශයට. මේ ගණන් වැඩිවීමත් එක්ක හැමදේකම ඒ මුදල් වෙන්කිරීම ඉක්මවා යනවා අපිට තව ටික දවසකින්. එතකොට අන්තිම මාස කිහිපය ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් සෞඛ්‍ය අමාත්‍යංශයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට තියෙනවා. ඉතින් මගේ පෞද්ගලික අදහස නම් මට පේන්නේ අපිට නව අයවැයක් ඉදිරිපත් කරන්න වෙනවා මම හිතන්නේ මුදල් අමාත්‍යවරයා ඉදිරි සති කිහිපයේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. එහෙම කරන්නම වෙනවා නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි රටේ අනෙකුත් ක්ෂේත්‍රත් කඩා වැටෙන්න පුළුවන්.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.

