බාධා මැඩගෙන අරගලය ඉදිරියටම

බාධා මැඩගෙන අරගලය ඉදිරියටම

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉවත්වන ලෙස බල කරන ජනතා මතය තව තවත් වැඩි වෙමින් පවතී.
ඊයේ රාත්‍රියෙත් ගාලු මුවදොර පිටියේ ජනතාව රැය පහන් කරමින් පැවසුවේ, රට ආර්ථික අර්බුදයකට ඇද දැමූ ආණ්ඩුව වහා පන්නා දැමිය යුතු බවයි.

ඊයේ කොළඹට ඇද හැලුණු තද වැසි ගොල්ෆේස් පිටියටත් ඇද හැලුණත් ජනතා විරෝධය නවතාලන්නට වර්ෂාවට පවා නොහැකි විය. අද අරගලයේ 20 වැනි දිනයයි.

අඛණ්ඩ ජන අරගලයේ නිරත වන ජනතාව ඉල්ලා සිටින්නේ, ගැටලු විසඳීමට නිසි කලට නිසි තීරණ නොගත් ජනපති, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉවත් වන ලෙසයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම” ආරම්භ කළ විරෝධතාවය ද තවදුරටත් ක්‍රියාත්මකයි.