SSP කීර්තිරත්න අත්අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේනවා.
කේ.බී. කීර්තිරත්න නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමිනි සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ තව දුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ද කුණ්ඩසාලේ ප්‍රදේශයේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

