අරගලයට හයියට කලාකරුවෝ පාරට බැහැලා

අරගලයට හයියට කලාකරුවෝ පාරට බැහැලා

ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී ආරම්භ කළ අරගලයට සති තුනක් සපිරෙනවා.

අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ රාත්‍රියේත් අරගල භූමියේ රැදී සිටි අතර අගමැතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවද අරලියගහ මන්දිරිය ඉදිරිපිටදී තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර අර්බුදවලට විසඳුම් ඉල්ලා විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් විශාල පිරිසක් ඊයේ (30) පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ සිට ගාලු මුවදොර අරගල භූමියට පා ගමනින් පැමිණියා.

රට තුළ පවතින ගැටළුවලට විසදුම් ඉල්ලා සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පසුගිය 9 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි ජනතා විරෝධතාවට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා.

එහිදී අරගල භූමිය විචිත්‍රවත් කරමින් අරගලභූමියේ ඉදි කර ඇති එළිමහන් රංගපීඨයේදී විශේෂාංග රැසක් ද පැවැත්වුණා.

අද 23 වැනි දිනටත් ගෝල්ෆේස් අරගලය ක්‍රියාත්මකයි

මේ අතර ‘ජන අරගලයේ කලාකරුවෝ’ නමින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ඊයේ (30) වැඩසටහනක් පැවැත්වුණේ විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන්ගේ සහභාගීත්වයෙන්.