මැයි 6 වැනිදා රට පුරා හර්තාල්

මැයි 6 වැනිදා රට පුරා හර්තාල්

මැයි මස 6 වැනිදා රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සදහන් කළේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවන් එම වර්ජනයට එක්වන බවයි.

ඒ අනුව රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතාව එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ඔවුන් සඳහන් කරයි.