රාජපක්ෂවරුන්ගේ ගරු නම්බුනාම වහාම ඉවත්කරන අරගලකරුවන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලයි

රාජපක්ෂවරුන්ගේ ගරු නම්බුනාම වහාම ඉවත්කරන අරගලකරුවන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලයි

රට පුරා ව්‍යාප්ත ජන අරගලයේ සාමාජිකයින් පිරිසක් අද පෙවරුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරස්ථානය වෙත ගොස් මහානායක හිමිවරුන් බැහැදැක ජන පීඩක,අධර්මිෂ්ඨ, අශිෂ්ඨ රාජපක්ෂ පාලනයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා තිබේ.

එසේම රාජපක්ෂ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ගරු නම්බුනාම වහාම ඉවත්කරන ලෙසත්, රාජපක්ෂ පවුලේපාංශුකූල පිංකමකටවත් සහභාගීනොවන ලෙසත් ඉල්ලා විශේසංදේශයක්ද මෙහිදීභාර දී ඇත.

මේ අතර සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා අද සිට සිය ප්‍රවෘත්ති විකාශයන්දී හැර ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වලට දේශපාලඥයින් සහභාගී කරගැනීම නතරකර ඇත.

ඒ වෙනුවට වෘත්තිකයින්,තාක්ෂණවේදීන් සහ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීනයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කර තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳීමට අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට සියලුම දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදය පවසයි.

එසේම සියලු වැඩසටහන් වලට ප්‍රමුඛතාවය වන්නේ ආර්ථික,දේශපාලනික, සහ සමාජයීය අර්බුද පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යැයිද සඳහන් කරයි.